ඇනුණු යකඩකූර - වෙඩි වැදුණු ඝාතනයක් වෙයි
Thursday, 01 April 2021 - 10:45 | Views - 434
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී විදුලි සේවකයෙකු වෙඩි වැදී මියයෑම ඝාතනයක් බවට හෙළිව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
 
ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසියේ කොස්තාපල්වරයෙකු සහ විදුලිබල මණ්ඩල සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
විදුලිබල මණ්ඩලයට අයත් අම්බලන්ගොඩ සීනිගොඩ පිහිටි නඩත්තු ඒකකයේ සේවය කළ පුද්ගලයෙකු පසුගියදා මිය ගොස් තිබෙනවා. 
 
එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ප්‍රියදර්ශන පුෂ්පකුමාර නැමති අවිවාහක තරුණයෙක්. ඔහු කළුතර , දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.
 
මියගිය පුද්ගලයා විදුලි කම්බි ඇදීමේ කටයුතු සඳහා ඌරගස්මංහන්දිය, යටගල වල්ඉඟුරුකැටිය ප්‍රදේශයට ගොස් සිටිය දී සිදුවු තුවාලයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවත් සදහන්.
 
ඔහු රෝහල්ගත කරන විට සෙසු සේවයකයින් රෝහලට පවසා ඇත්තේ, යකඩ කූරක් ඇනීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ බඩ ප්‍රදේශය තුවාල වී ඇති බවයි.
 
කෙසේවෙතත් වෛද්‍යවරු ඉක්මනින් තුවාලකරු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති නමුත් පැය කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ තුවාලය වෙඩි වැදීමකින් සිදුවුවක් බවට වෛද්‍යවරු සැක පලකළ බව මෙහිදී සඳහන් වුණා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top