කිලිනොච්චිය වට්ටකච්චිලමයානූර් ප්‍රදේශයේ කැළෑවක යුධ සමයේ එල් ටි ටි කඳවුරක් පැවති ස්ථානයක නිධන් හෑරීමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (30) ධර්මපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ එල් ටි ටි සංවිධානය වළ දමා ඇති බවට සැක කරන රත්රන් සෙවීම සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සතුව තිබී පොළොව අභ්‍යන්තරයේ ඝන ද්‍රව්‍ය සෙවීමට භාවිතා කරන නවීන ස්කෑනර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ, කැනීම් උපකරණ හා ජංගම දුරකථන හයක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් මැදිරිගිරිය, කොළඹ, කිරුළපන, හම්බන්තොට ප්‍රදේශයන්හි පදිංචි පුද්ගයින් බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.