"සූර්ය සිංහලේ සත් පත්තිනි සෙත් ශාන්තිය" - සුබ නැකතින් අලුත් සහල් එක් රැස් කිරීම
Wednesday, 31 March 2021 - 10:11 | Views - 354
උදාවන අලුත් අවුරුද්දේ සියලුදෙනාට ආශිර්වාද පතා හිරු සංවිධාන කරන සත් පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් අලුත් සහල් එක් රැස් කිරීමේ කටයුත්ත තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර රුවන්වැලි මහා සෑය, කතරගම කිරි වෙහෙර සහ මහියංගණය රජමහා විහාරස්ථාන අසලින් අලුත් සහල් එක් රැස් කිරීමේ රථ පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.ඊට පෙර සුබ මොහොතින් කප් සිටුවීම සිදු කෙරෙන බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. රුවන්වැලි මහ සෑ රදුන් අභියසින් ගමන් ඇරඹෙන අලුත් සහල් එක් රැස් කිරීමේ රථ පෙරහර නොච්චියාගම හරහා රාජාංගණයට ළඟාවීමට නියමිතයි.කිරිවෙහෙර සමිඳුන් අභියසින් ඇරඹෙන පෙරහර බුත්තල හරහා බඩල්කුඹුර වෙතත්, මහියංගණයේ සිට අලුත් සහල් එක් රැස් කරන රථ ගිරාදුරුකෝට්ටේ පසුකර දෙහිඅත්තකණ්ඩිය වෙතත් ළඟාවීමට සැළසුම් කර තිබෙනවා.සජීවී තොරතුරු සඳහා දැන් හිරු ටී. වී. බලන්න.
Share This Article