නව ආසාදිතයන් 139 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 92,442 ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමෙන් පසුව ආසාදිතයන් 200 ට අඩු සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඊයේ දිනයේයි.
නව ආසාදිතයන්ගෙන් 118 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් හත්දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 14 දෙනෙකු මේ අතර වනවා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 2,786 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 89,090 ක්.
ඊයේ දිනයේ කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර, ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 566 ක් ලෙසයි.
පසුගිය ජනවාරි 29 වනදා ඇරඹුණු එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ වනවිට මෙරට පුද්ගලයින් 9 ලක්ෂ 13,219 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබෙනවා.