පාස්කු ප්‍රහාරයට අවැසි වූ යුක්තිය
Tuesday, 30 March 2021 - 9:40 | Views - 506
සහරාන් හෂීම් සමඟ උතුරු - නැගෙනහිර යුද සමයේ අවසන් කාලයේ සිට සබඳතා පැවැත්වූ සියළු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව ද පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බව පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව පවසනවා.කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ සහයක රදගුරුවරුන් සහ අදාළ කමිටුවේ සාමාජිකයින්ගේ අත්සන් සහිතව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාස්කු කොමිසම් වාර්තාවෙන් නම් කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර ඇති දේශපාලන නායකයින් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.එසේම ප්‍රහාරයට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සියළු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීම බව සිහිපත් කරන අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව, මෙම ක්‍රියාවලිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීම අඩාල කරන කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් නොකරන ලෙස රජයේ මෙන්ම විපක්ෂයේ සියළු දේශාපලන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article