සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සේවක අංකය වෙනුවට ජාතික හැඳුනුම්පතේ අංකය ලබාදීම සඳහා අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව කම්කරු අමාත්‍යංශය පවසනවා.
නව සංශෝධනයට අනුව දායක මුදල් ලබාගැනීම සඳහා සේවක අංක මෙන්ම බී කාඩ්පතද අවශ්‍ය නොවන බවයි මෙයින් වැඩිදුරටත් සඳහන් වන්නේ.
ජාතික හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ලබාගැනීමට මේ අනුව සේවකයන්ට අවස්ථාව ලැබෙන බව සඳහන්.
සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලබාදෙන්නේ වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වූ පසුව බැවින් මුදල් ලබාගැනීමට යාමේදී සාමාජිකයා හෝ කලත්‍රයා අපහසුතාවට පත්නොවීම සඳහා මෙම සංශෝධනය පනතට ගෙන එන ඒමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මෙම සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.