ඔයාගේ ඇඟේ හැඩය ගැන හරියටම දැනගන්න
Friday, 17 February 2017 - 16:23 | Views - 27,872
කතාවටත් කියනවනේ කාන්තාවකගේ සිරුරත්නිකංකලාවක් වගේ කියලා.දිගටි බෙල්ල,පළල් උකුල,කවාකාර විවිධ හැඩයන්…ඇත්තටමකාන්තාවක් වෙච්ච ඔයා හැඩයි.නමුත් අපි එක එක්කෙනාගේ හැඩය එකින් එකට වෙනස් වෙනවා.අන්න ඒ නිසා අපි අඳින ඇඳුම් තෝරාගැනීමේදී හරිම දේ තෝරාගැනීමෙන් අපේ හරිම හැඩය ලස්සනට ඉස්මතු කරන්න පුළුවන්.ඒත් මොකක්ද ඔයාගේ ඇඟේ හැඩය?අන්න ඒ ගැන ඔයාට අයිඩියා එකක් දෙන්න අපි ළඟ තියෙනවා පළතුරු බකට් එකක්.බලන්න මේ දේවල් වලින් ඔයා මොන පළතුරේ හැඩයක්ද කියලා.

ඇපල් හැඩය

මේක තමයි ගොඩක් වෙලාවට ඇඟේ ශේප් එක ගැන කතා කරද්දී කියවෙන පළවෙනිම හැඩය. මේක ගොඩක් දෙනා අතරේ බහුලව දකින්නත් පුළුවන් හැඩයක්.මේ හැඩයේ අයගේ පපු ප්‍රදේශය තරමක් විශාලයි. ඊට සාපේක්ෂව උදරය සිහින්. ඒ වගේමයි දෙපා ප්‍රදේශයත් සිහින්. හරියටම ඇපල් ගෙඩියක් වගේමයි. උඩ කොටස තරමක් පුළුල්. ඉතින් මේ ටයිප් එකේ අය ඇඳුම් තෝරාගැනීමේදී පපු ප්‍රදේශය ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ කියන්නේ වැඩිපුර ඉස්මතුවී පෙනීමකින් තොර ඇඳම්  තෝරාගැනීම වැදගත්. ඒ වගේමයි උදර ප්‍රදේශය ටිකක් ලිහිල් ඇඳුම් වර්ගත් මේ අයට ගැළපෙනවා.


බනානා හැඩය
 
අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ හැඩයේ ඔයාගේ උරහිස්, ඉණ, උකුල, එක විදියටම සමානයි. ඒ නිසා ඉණ කොටස රැළි කරපු ටොප්ස්, රැළි සහිත තට්ටු ස්කට්ර්රස් ඔයාට හොඳට ගැළපෙනවා.


පෙයාර්ස් හැඩය

මේකත් හරිම ජනප්‍රිය වගේම බහුලව දකින්න ලැබෙන හැඩයක්. ඇකිලුණු (පටු) උරහිස්, කුඩා පපු ප්‍රදේශයක්, සිහින් ඉණක් වගේම ඉතා පළල් උකුල් ප්‍රදේශයක් මේ වර්ගයේ අයට අයිතියි. ඒ නිසා මේ හැඩයේ ඔයා ඇඳුම් තෝරාගැනීමේදී වැඩි අවධානයක් දෙන්න ඕනි උරහිස් වලට. බෙල්ල වටා එතුණු,කර පියවුණු ඇඳුම් වර්ගත් ගැළපෙනවා. ඇඟටම හිරවුණු තද කලිසම් නම් ගැළපෙන්නේ නැහැ. ඒ වෙනුවට “A”ලයින් ස්කට්ර්පස්, ගවුම් වගේ දේවල් හරිම අපූරුවට ගැළපෙනවා.


ස්ට්ට්‍රෝබෙරි හැඩය

මේ හැඩයේ සිරුරක් ඇති අය පළල් උරහිස්, සිහින් ඉණක්, වගේම සිහින් කකුල් තියෙන අය. මේ හැඩයේ ඔයා ඇඳුම් තෝරාගැනීමේදී  “V”ශේප් එකේ කර මෝස්තරයකින් යුතු ඇඳුම් තෝරාගන්න. ඒ වගේමයි කර ගොඩාක් පළල ඇඳුම් වර්ගත් මේ හැඩයේ අයට ගැළපෙනවා.

ඩබල් චෙරි හැඩය


හරියටම කියනවා නම් ඔයාගේ ඇඟ ඉස්සරකාලේ අපේ සීයලා වෙලාව බලපු වැලි ඔරලෝසුවක් වගේමයි. (hourglass)ඒ කියන්නේ ඔයාගේ ඇඟේ උඩ කොටසටත් යට කොටසත් එක සමානව පළල්. උදර ප්‍රදේශය විතරක් සිහින්. ඒ නිසා ඔයා තෝරාගන්න ඕනි ඉණ ප්‍රදේශයෙන් සිහින් වෙන ඇඳුම් වගේම ඉහල සහ පහළ කොටසට වැඩි අවධානයක් වැඩි ඉඩක් ලැබෙන ඇඳුම්.

කොහොම වුණත්, ඔයාගේ ඇඟ මොන හැඩය ගත්තත්, ඒ ගැන දුක්වෙන්න එපා. හැඩය ලස්සනට ඉස්මතු වෙන විදියට ඔයාගේ ලස්සන මෝස්‌තර පාවිච්චි කරන්න. හැඩට ඉන්න..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top