ලෝක පියවරුන්ගේ දිනයේ ඉතිහාසය...
Sunday, 17 June 2018 - 16:37 | Views - 4,201
පියවරුන් ගේ දිනය ආරම්භවීමට පසුබිම සැකසි තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ඇමරිකාවේ වොෂිංටන් නුවර විසු සොනරා ස්මාර්ට් ඩොච් නමැති කාන්තාවට පියවරුන් සඳහා ද විශේෂිත දිනයක් අවශ්‍ය බව කල්පනා වුයේ 1909 මැයි මාසයේදි මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදීය.

විලියම් ස්මාර්ට් නම් වු ඇගේ පියා දක්ෂ යුද හමුදා නිලධාරියෙකු විය. සොනාරා කුඩා කාලයේදිම මව මිය ගිය පසු සොනාරා ඇතුළු දරුවන් හය දෙනෙකු බලා ගනිමින් පියා කළේ විශාල කැපවීමක් බව ඇයට සිහි වුවාය. තම පියා කල එම විශාල කැපවීම ඉතා උතුම් කාර්යයක් බවත් ඒ සඳහා ඔහුට කළගුණ සැළකීම සහ ගරු බුහුමන් දැක්වීම තම යුතුකම බව වටහා ගත් සොනාරා තම පියා වැනි ලොව සිටින ආදරණීය පියවරුන් සඳහා විශේෂ දිනයක් අවශ්‍ය බැව් යෝජනා කළාය. පියාගෙ උපන් දිනය යෙදුණු ජුනි මාසය පියවරුන් ගේ දිනය සඳහා වෙන් කිරිමට ඈ කටයුතු කළය. ඒ අනුව පියවරුන්ගේ දිනය ප්‍රථම වරට 1919 ජුනි 19 වන ඉරු දිනයේ සමරන ලදි.

ඉන්පසු ඇමරිකාවේ නගර රැසක පියවරුන් ගේ දිනය සමරන ලදි. 1924 දි ඇමරිකාවේ ජනාධිපතිධූරය දැරු කැල්වින් කුලිජ් මහතා ද පියවරුන් ගේ දිනය සැමරීම සඳහා සහාය ලබා දුන්නේය. 1966 ඇමරිකාවේ ජනාධිපතිධූරය දැරු ලින්ඩන් බි. ජොන්සන් මහතා විසින් ජුනි මස තුන් වෙනි ඉරු දිනය ජාත්‍යන්තර පියවරුන් ගේ දිනය බවට ප්‍රකාශයට පත් කරන ලදි. ඉන්පසු ලොව පුරා රටවල් ජුනි මාසයේ තුන් වෙනි ඉරු දිනය ජාත්‍යන්තර පියවරුන් ගේ දිනය ලෙස සැමරිමටආරම්භ කෙරිණි.

(අන්තර්ජාලය ඇසුරෙණි)


Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂකයින් අතරත් සදා නොමැකෙන මතකයන් ඉතිරි කළ, හැමදාමත්...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top