ලෝකයම අවධානයෙන් සිටිය යුතු ඉබෝලා වෛරස් ව්‍යාප්තිය.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැහැදිලි කිරීමක්..
Thursday, 21 May 2026 - 9:44 | Views - 202
ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්විය යුතු ඉබෝලා වෛරස් ව්‍යාප්තියේ නවතම තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඔවුන් පවසන පරිදි, මේ වන විට ඉබෝලා වෛරසය වැළඳී ඇතැයි සැක සහිත ආසාදිතයන් 600ක් සහ එමඟින් සිදු වූ සැක සහිත මරණ 139ක් වාර්තා වී තිබෙනවා.

වෛරසය නිවැරදිව හඳුනා ගැනීමට ගතවන කාලය හේතුවෙන් මෙම සංඛ්‍යාලේඛන ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

පළමු ආසාදිතයා වාර්තා වූ ඩෙමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ රාජ්‍යයෙන් (DRC) මේ වනවිට ආසාදිතයන් 51 දෙනෙකු හා අසල්වැසි උගන්ඩාවෙන් ආසාදිතයන් දෙදෙනෙකු ස්ථිරවම (Confirmed) හඳුනාගෙන ඇති බව ජිනීවා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ප්‍රකාශ කළා.

මෙවර ව්‍යාප්ත වෙමින් පවතින්නේ 'බුන්ඩිබුග්යෝ' (Bundibugyo) නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදය වන අතර, එහි ව්‍යාප්තිය බොහෝ දුරට මීට මාස කිහිපයකට පෙර සිටම ආරම්භ වන්නට ඇති බව වෛද්‍ය ටෙඩ්‍රොස් සඳහන් කළා.

පසුගිය ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය "ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්" ලෙස ප්‍රකාශයට පත් කළද, පවතින තත්ත්වය තවමත් ගෝලීය වසංගත (Pandemic) මට්ටමක නොමැති බව තහවුරු කර තිබෙනවා.

මෙය ජාතික සහ කලාපීය වශයෙන් ඉහළ අවද්‍රනමක පැවතුණද, ගෝලීය මට්ටමින් පවතින්නේ අඩු අවදානමක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුවද එකඟ වී තිබෙනවා.

කෙසේවෙතත් මියගිය පිරිස අතර ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් ද සිටීම විශේෂ කනස්සල්ලට කරුණක් බව ප්‍රධානියා පැවසුවා.

මෙම වෛරස් ව්‍යාප්තියේ මූලාරම්භය පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, පළමුවෙන්ම හඳුනාගත් ආසාදිතයා වී ඇත්තේ ඉටුරි (Ituri) පළාතේ අගනුවර වන බුනියා (Bunia) හිදී රෝග ලක්ෂණ මතු වී අප්‍රේල් 24 වනදා මියගිය හෙදියකි. ඇයගේ දේහය, වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රන් කැණීම් කරන නගරයක් වන මොන්ග්වාලු (Mongwalu) වෙත රැගෙන යාමත් සමඟ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

දැනට ඉටුරි පළාතේ මොන්ග්වාලු, බුනියා, රවම්පාරා හා නයකුන්ඩේ යන ප්‍රදේශ හතරට මෙන්ම, උතුරු කිවු (North Kivu) පළාතේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ගෝමා (Goma) සහ බුටෙම්බෝ (Butembo) යන නගරවලින් ද ආසාදිතයන් වාර්තා වී අවසන්.

මෙය කොංගෝ රාජ්‍යය මුහුණ දෙන 17 වන ඉබෝලා වෛරස් ව්‍යාප්තිය වුව ද, දශකයකට වැඩි කාලයකින් දැකගත නොහැකි වූ 'බුන්ඩිබුග්යෝ' ප්‍රභේදය ඊටම ආවේණික වූ අභියෝග රැසක් මතු කරනවා.

මීට පෙර මෙම ප්‍රභේදයෙන් වෛරස් ව්‍යාප්තීන් දෙකක් පමණක් වාර්තා වී ඇති අතර, එහි ඇති බිහිසුණුකම වන්නේ ආසාදනය වන රෝගීන්ගෙන් තුනෙන් එකක් (1/3) පමණ මරණයට පත්වීමයි.

වෛරසය ව්‍යාප්ත වන කාල සීමාව සෙවීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික අවධානය යොමුව ඇත්තේ වෛරසය පැතිරීම කඩිනමින් පාලනය කිරීමට බව ඔවුන් වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top