අලුත උපන් කිරිකැටියා ගැන දැනගන්න - අම්මලා තාත්තලා වෙන්න ඉන්න හැමෝටම වැදගත්
Friday, 17 February 2017 - 15:53 | Views - 5,243
ඔබත් කුළුඳුලේම දෙමව්පිය පදවිය ලැබූ යුවලක්ද ? අලුත් කිරිකැටියා ගෙදරට ගෙනාවත් ඔබට නුහුරු නුපුරුදු කොයිතරම් අලුත් දේවල් තියෙනවද? ඒ නිසා සිතට කොයිතරම් චකිතයක් බියක් දැනෙනවද කියලා අපි දන්නවා. ඒ නිසාම මේ කරුණු 14 ඔබට වැදගත් වේවි.

දරුවෙකු කුසට ආ දිනයේ ඉඳන්ම එයා ගැන කොයිතරම් සිහින ඔබට තියෙනවද? පැටියාගේ පාට, කොණ්ඩය කොයි වගේද, එයාව හුරතල් කරන හැටි මේ හැම දේම හැම රැයකම සිහින අතර සැරිසරනවා.

ඒ වෙනුවෙන් ඔබ කොයිතරම් සූදානම් වෙනවද? පොත්, සඟරා වල ඇති ලිපි වගේම දැනුවත් වෙන්න අනිත් අයගෙන් වුනත් කොයිතරම් දේවල් ඉගෙන ගන්නවද? නමුත් පුංචි පැටියා ඔබේ දෝතට ආවහම තමයි දැනෙන්නේ තවත් ඔබ නොදන්නා කොයිතරම් නම් කරණා තියෙනවද කියලා. පැටියාට ඇති අපරිමිත ආදරේ නිසාම ඇසිපිය වැසෙන පමාවට පවා ඔබේ හිත හුඟක් සැලෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ කරුණු ඔබට වැදගත් වේවි.

1. මගේ බබා හැමතිස්සෙම අඬනවා. මොනවද ඕනේ කියලා කොහොමද දැනගන්නේ ?

අලුත් අම්මටයි තාත්තාටයි සමහර වෙලාවට පැටියා අඬන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ.  නමුත් කාලයට ටිකක් ඉඩදෙමු. ඔබට අපි කියලා දෙන්නත් කලින් ඔබත් දරුවාගේ ඉඟි හඳුනාගන්න ප්‍රවීණයෙකු බවට පත්වේවි. එයාගේ භාෂාව ඔබටම පමණක් තේරුම් ගන්න පුළුවන් වේවි.

ඔබත් දරුවාත් සමග මනසෙන් ඇතිවන අවබෝධය හරිම වැදගත්. ඉතින් පැටියා කිරි බිව්වා නම් ගුඩුස් යවන්න වෙලාව හරි වෙන්න පුළුවන්. නැතිනම් කක්කි දලාද?.ඔය හැමදේම ඉක්මනින්ම ඔබට දැනෙන්න ගන්නවා.

2. දෙතොල් තරමක් ඉදිමිලා වගේ

ඔබේ කුසෙන් එළියට ආපු ගමන් පැටියා කිරි උරා බොන්න පටන් ගන්නවා. ඉතින් මේ නැවුම් අත්දැකීම මීට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ නිසා දරුවට අපහසුවක් දැනෙන්නේ නම් නෑ. ඉන් ඔබට සැනසීමට පත්වෙන්න පුළුවන්.

3. පැටියා හුස්ම ගන්න හැටි වෙනස්

මහ රෑ මැදියමේ අම්මලා තාත්තලා ඇහැරිලා ඉක්මනට පැටියව බලනවා එයා හොඳින්ද කියලා. ඉතින් සමහර වෙලාවට එයා හුස්ම ගන්න හැටි හරි අමුතුයි නේද ?

වෙලාවක වේගයෙන් හුස්ම අරගෙන තවත් වෙලාවකට හුස්ම නොගෙන ඉන්නවා. එතකොට ඔබේ  හදවතත් නවතිනවා වගේ දැනෙනවා. නමුත් විශේෂඥයන් පවසන ආකාරයට මෙය තත්පර 20 ක් විතර තියෙන එක ස්වභාවික තත්වයක්.

නමුත් ඔබේ අවධානය වැදගත්. SIDS වැනි තත්ව (Sudden Infant Death Syndrome ) ඒ වගේම පැටියා මුහුණ යටවෙලා නැත්නම් රෙදි වලට වැහිලද කියලා පරික්ෂා කිරීමත් වැදගත්.

4. දරුවට හැමතිස්සෙම කිරි දෙන්න ඕනෙද?

මේ කාලයේ පළවෙනි කාරණය තමයි දරුවාගේ වැඩීම පෝෂණය  සමග ඉතා වේගයෙන් සිදුවෙනවා. ඉතින් කිරි ලැබෙන විදිහට දරුවාගේ වැඩීමත් සිදුවෙනවා.

පළමු මාස 6 තුළ දරුවාගේ වර්ධනය උපත් බර වගේ දෙගුණයක් වෙන්න පුළුවන්. අනෙක් කාරණය තමයි මව්කිරි, පිටි කිරි වලට වඩා ඉක්මනින් ජීරණය වෙන නිසා පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට එයා එක සැරේට හුඟක් කිරි බොන නිසා වාර ගණන ටික ටික අඩු වෙනවා.

5. පැටියාගේ කක්කි හරිම දියයි

දවසට කීප වතාවක්ම දියට, කහ පාටට, ඇට ඇට ආකාරයට දරුවා කක්කි දානවා. එකට ඔබේ හිත තිගැස්සෙනවා. නමුත් එය සාමාන්‍යයි. සාමාන්‍යයෙන් මව්කිරි බොන දරුවෙක් දිනකට 10 වතාවක් විතර මළපහ කිරීම සාමාන්‍ය තත්වයක්. එයා අසාමාන්‍ය විදිහට අඬන්නේ නැත්නම් එය සාමාන්‍යයි. ඒ වගේම පැටියාගේ ජීරණ ක්‍රියාවලියට පුරුදු වීමත් මීට හේතුවක්. ඔහු මීට පුරුදු වීමත් සමගම කක්කි දාන වාර ගණන් අඩු වෙනවා.

6. බබාට තාම  සතියක්වත් නෑ. ඒත් බර අඩු වෙලා

පින්තූර වල, රූපවාහිනියේ දකින බෝල වගේ දරුවෝ වෙන්න කලින් ඔබේ පැටියාගේ බර ටිකක් අඩුවීම සාමාන්‍යයි. දරුවා මුලින් කිරි බොන්න ඉගෙන ගන්නවා.

එතකොට අවශ්‍ය තරම් කිරි නොලැබෙන්න පුළුවන්. ඒත් එයා ඒකට හුරු වෙනකොට නැතිවුන බරත් එක්කම බර වැඩිවෙනවා. නමුත් ඊට සති දෙකක විතර කාලයක් යනවා. මොකද මව්කිරි දෙන ක්‍රියාවලියට පුරුදු වෙන්න අම්මාටත් කාලයක් අවශ්‍යයි. බබාටත් ඒ වගේමයි.

7. පිරිමි ලිංගේන්ද්‍රිය උවමනාවට වඩා ලොකුයි වගේ පේනවද?

පිරිමි දරුවන් ලිංගේන්ද්‍රියෙහි වර්ධනය තවමත් සිදුවෙමින් පවතින නිසා මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. දුවලගේ වුනත් එහෙමයි. මොකද අලුත ඉපදුන බබාගේ ඇඟේ තාමත් අම්මගේ හෝර්මෝන ඉතිරිවෙලා තියෙනවා. ඒ වගේම උපතේදී ඇතිවෙන පීඩන තත්වයන් වුනත් මීට බලපාන්න පුළුවන්.

මේ නිසාම දරුවන්ගේ නැපියේ හා ඩයපර් වල පුංචි ලේ බිඳුවක් තියෙන්න පුළුවන්. නමුත් දින කිහිපයකින් මේ තත්වයන් නැවතී යනවා.

8. මගේ බබාගේ අත් හා යටිපතුල් හැමතිස්සෙම සීතලයි

දරුවාගේ ශරීරයේ ක්‍රියාන්විතය තවමත් නොමේරූ තත්වයක තිබෙන නිසා මේ තත්වය ඇති වෙනවා. රුධිර සංසරණය මේ නිසා බොහෝ විට ප්‍රධාන ඉන්ද්‍රියන්ට වැඩි තැනක් ලබා දෙනවා. ඉතින් බබා අලුත් පරිසරයට හුරුවීමත් එක්කම මේ තත්වය පහව යනවා. රුධිර සංසරණයත් සාමාන්‍ය තත්වයට පත් වෙනවා.

9. පුංචි ශබ්ධයටත් බය වෙනවාද?

මෙය  moro reflex ලෙසත් හැඳින්වෙන අතර මේ වගේ කැස්සක්, කිවිසුමක් වගේ පුංචි දෙයටත් පැටියා බයවෙනවා.   ඒ එක්කම නැවත පුරුදු විදිහට ඉන්නවා. නමුත් මේ තත්වය මාස 3 ක් විතර වෙනකොට නැතිවෙලා යනවා.

10. බබාගේ සම ගැලවෙනවා

දරුවාගේ සම මතුපිට තිබෙන vernix නමැති ද්‍රව්‍ය ඉවත්වයාම නිසා තමයි මේ තත්වය අපිට දකින්න ලැබෙන්නේ. දරුවාගේ සමේ උඩම තට්ටුව පරිසරයට නිරාවරණය වෙනවා. එය වියලිලා සම ඉවත්ව යන්න පටන් ගන්නවා. මේක මුළු ශරීරය පුරාම ඇතිවෙන අතර හිස හා දෙපතුල් වල වැඩිපුර දකින්න පුළුවන්. මේක ස්වභාවයෙන්ම නැතිවෙලා යනවා.

11. මුහුණ පුරා බිබිලි

මෙය බිළිඳු කුරුලෑ ලෙස හැඳින්වෙන අතර ඉතා සුලබ තත්වයක්. මේ තත්වය මවගේ හෝර්මෝන තවමත් දරුවා තුළ තිබීම නිසා ඇතිවෙන තත්වයක්. දරුවාගේ මුහුණ ඇතිරිලි මත තදවීම වැනි කරණා නිසා මේ තත්වය වැඩිවෙන්න පුළුවන්. මන්ද එහි සේදුම්ඛාරක වල ඇති සැර ඊට හානිකර විය හැකි වගේම නිතර පැටියාගේ මුහුණ පිරිසිදුව වියළිව තබන්න සැලකිලිමත් වෙන්න.

12. බබා නිතරම කිවිසුම් යවනවා

මේක හුඟක් බබාලාට ඇතිවෙන තත්වයක්. දරුවට හෙම්බිරිස්සාව හැදෙන්නද කියලා අම්මලා කලබල වෙනවා. නමුත් මෙය කලබල වියයුතු කාරණයක් නෙමෙයි. මෙය උපතේදී දරුවාගේ amniotic fluid නමැති ගර්භාෂය තුළ ඇති දියරය ශ්වසන ඉන්ද්‍රිය මාර්ගය අවහිර කළොත් එය පිරිසිදු කිරීමට ගන්න ස්වභාවික උපක්‍රමයක් ලෙස සලකන්න පුළුවන්. ඉන් දරුවාට සහනයක් ලැබෙනවා.

13. බබාගේ ඔළුවේ හැඩය හරියටම රවුම් නැහැ

එය සාමාන්‍ය තත්වයක්. දරුවන්ගේ හිසේ හැඩය විවිධ වීමට ප්‍රසුතියේදී ඇතිවන පීඩනය බලපානවා. දරුවාගේ හිසේ මෘදු කොටස ප්‍රසුතියට අනුව හැඩගැසෙන නිසා මේ වෙනස්කම් සිදුවෙන්න පුළුවන්. නමුත් සති කිහිපයක් මේ තත්වය සාමාන්‍ය  අතට හැරෙනවා. සිසේරියන් සැත්කමකදී නම් දරුවාට මේ බලපෑම සිදුවන්නේ නැහැ.

14. බබාගේ සම මෘදු නැහැනේ

බබා ඔබේ කුසේ ඉන්නකොට ඔබ හිතුවේ එයාගේ සම හරිම සුමුදු මල් පෙත්තක් වගේ. ඒත් එය දැක්කහම සම රැළිවැටිලා, ගැලවිලා. ඔබට දුක හිතෙනවා තමයි. නමුත් කුස තුළ එයා වැඩෙද්දී සමේ ආරක්ෂාවට ලැබෙන vernix නමැති පටලය නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ.

ඒ වගේම දරුවාගේ සම මතුපිට සියුම් කෙස්ගස් දකින්නත් පුළුවන්. මෙය lanugo ලෙස හඳුන්වනවා. ඒ වගේම සම රතු පැහැයට හුරුයි. උඩු සම තවමත් වැඩී නැති නිසා මේ තත්වය ඇතිවෙනවා. සාමාන්‍ය පාටට එන්න කල්යන්නේ ඒ නිසයි. ටික දවසකින් දරුවා රෝස පාට වෙලා සාමාන්‍ය පාටට හැරෙන්නේ ඉන් පස්සෙයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top