පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතීඥවරයා නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමක්
Wednesday, 06 May 2020 - 16:38 | Views - 703
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥවරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුලූ හයදෙනෙකු නම් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය අප්‍රේල් 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට හේතුවූ කරුණු පෙන්වා දී නොමැති බවද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.
Share This Article