සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා කාර්ය සාධන සමාලෝචන කමිටුව රැස්වෙයි
Wednesday, 06 May 2020 - 13:18 | Views - 520
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා කාර්ය සාධන සමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී රැස්වුණා.
එහිදී අමාත්‍යවරිය නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සමාජ දුරස්ථභාවය තබා ගනිමින් අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් එලෙස පිළිපදින ලෙස ජනතාව දැනුවත් කරන ලෙසයි.
මෙහිදී වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් ඉදිරියේදී සිදුවුවහොත් ඇතිවන ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සදහා සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට ක්‍රමවේද සකස් කිරීම පිළිබදව අවධානය යොමුවුණා.
එසේම, ග්‍රාමීය, දිසා හා මූලික රෝහල්වල අවදානම් රාජකාරිවල යෙදෙන සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල හිගයකින් තොරව ලබාදීමටත් මෙහිදී එකඟතාවය පළ වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
Share This Article