සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා කාර්ය සාධන සමාලෝචන කමිටුව රැස්වෙයි
Wednesday, 06 May 2020 - 13:18 | Views - 521
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා කාර්ය සාධන සමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී රැස්වුණා.

එහිදී අමාත්‍යවරිය නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සමාජ දුරස්ථභාවය තබා ගනිමින් අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් එලෙස පිළිපදින ලෙස ජනතාව දැනුවත් කරන ලෙසයි.

මෙහිදී වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් ඉදිරියේදී සිදුවුවහොත් ඇතිවන  ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සදහා සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට ක්‍රමවේද සකස් කිරීම පිළිබදව අවධානය යොමුවුණා.

එසේම, ග්‍රාමීය, දිසා හා මූලික රෝහල්වල අවදානම් රාජකාරිවල යෙදෙන සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල හිගයකින් තොරව ලබාදීමටත් මෙහිදී එකඟතාවය පළ වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top