කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Tuesday, 07 April 2020 - 8:30 | Views - 1,125
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දහවල් දෙකේ සිට පැය 8ක කාලයක් ජලය සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 9, කොළඹ 14 සහ නව ගම්පුර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව කොළඹ 15 ප්‍රදේශයට අඩුපීඩනයක් යටතේ ජලය ලබාදෙන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article