ඇඳීරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 15,000 ඉක්මවයි
Tuesday, 07 April 2020 - 8:23 | Views - 479
ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය මාර්තු මස 20 වන දා සිට ඊයේ පස්වරු 6 දක්වා කාලය තුළ පුද්ගලයින් 15,902 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට අමතරව රථ වාහන 3991ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ වන විට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට ඊයේ දහවල් 2ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය මේ මස 9 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6 වන තෙක් ක්‍රියාත්මකයි.
එසේම එම ඇඳිරි නීතිය එදිනම පස්වරු 4ට යළි පැනවීමට ද නියමිතව තිබෙනවා.
කෙසේ නමුත්, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article