ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර කොරෝනා පරීක්ෂණ දිනකට 2000 දක්වා ඉහළ නංවන්න - විද්වත් කමිටුවෙන් නිර්දේශ
Tuesday, 07 April 2020 - 8:19 | Views - 1,173

කොරෝනා ගෝලීය වසංගතය මෙරට තුළ පාලනය කිරීමට නම් පරීක්ෂා කිරීම් කැපී පෙනෙන ලෙස ඉහළ නැංවිය යුතු බව විද්වත් කමිටුවක් මගින් පෙන්වා දී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට අඛණ්ඩ පරීක්ෂා කිරීම් අත්‍යාවශ්‍ය බවයි.
ඒ පිළිබදව රජය වෙත නිර්දේශ ඉදිරිපත් කළ විද්වත් කමිටුවේ සාමාජික කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ මානව ප්රවේණි විද්‍යාව පිළිබද මහාචාර්ය වජිර දිසානායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ රට තුළ ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කිරීමට පෙර කොවිඩ් නයින්ටීන් පරීක්ෂණ අවම වශයෙන් දිනකට 2000 දක්වා ඉහළ නැංවිය යුතු බවයි.
මේ පිළිබදව ද තම කමිටුව ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බව මහාචාර්ය වජිර දිසානායක සඳහන් කළා.
වෛරසය හඳුනා ගැනීමට භාවිත කරන පී.සී.ආර්. පරීක්ෂණය මේ වන විට වැඩි වශයෙන් සිදුකරන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේයි.
එම සංඛ්‍යාව දිනකට 200ක් පමණ වන අතර, මෙරට පළමු කොරෝනා ආසාදිතයාගේ රසායනාගාර පරීක්ෂණ සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය නිලීකා මලවිගේ කියා සිටියේ අවම පහසුකම් යටතේ වුවද එම සංඛ්‍යාව 550 දක්වා ඉහළ නංවා ගත හැකි බවත් ඒ සඳහා ක්ෂේත්රයේ ප්රවීනයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇති බවත් ඇය සඳහන් කළා.
කෙසේ වෙතත්, පී.සී.ආර්. පරීක්ෂණය සිදුකිරීමේදී ආසාදිතයින්ගේ නාස් කුහර තරල ඉවත් කර ගන්නා උපකරණවල හිඟයක් මේ වන විට පවතින බවයි මහාචාර්ය නිලීකා මලවිගේ වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article