සෞදී අරාබියේ රියාද් අගනුවර ඇතුළු නගර කිහිපයකට ඇඳිරි නීතිය
Tuesday, 07 April 2020 - 7:21 | Views - 1,372
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, සෞදී අරාබියේ රියාද් අගනුවර ඇතුළු නගර කිහිපයක පැය 24ක් ක්‍රියාත්මක වන, ඇඳිරි නීතියක් පනවා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ටබුක්, දම්මාම්, ධහරන්, අල්-හොෆුෆ්, ජෙඩා, තායිෆ්, අල්-කටීෆ්, අල්-කොබාර් යන නගර-වල මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නගරවලට ඇතුළුවීම සහ පිටවීම තවමත් තහනම් කර ඇති අතර, පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පිටව යාමට අවසර දී ඇත්තේ ඔවුන්ගේ නේවාසික ප්‍රදේශය තුළ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවුණු දිනය තුළ කොරෝනා ආසාදිතයින් 30, 000ක් පමණ හමුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
එරට මරණ සංඛ්‍යාව ද 10, 000 ඉක්මවා ඇති බව සඳහන්.
Share This Article