ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් නවයෙන් 3ක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවට අනාවරණය වෙයි
Monday, 06 April 2020 - 14:18 | Views - 1,165
මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් 176 මට්ටමේ පවතිනවා.

වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 259 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නේ රෝහල් 32කයි.

ඊයේ පස්වරුව වනවිට රෝගීන් 9 දෙනෙකු අලුතින් වාර්තාවුණා.

ඔවුන්ගෙන් තුන්දෙනෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින්.

එසේම ඊයේ ජාඇළ - දෑලතුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුලුවූ පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් පහරදී පමුණුගම පොලීසියට භාරදී තිබෙනවා.

අනතුරුව සැකකරු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කළ පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට එම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එමෙන්ම පිළියන්දල - කහපොළ ප්‍රදේශයේ පවුලක පුද්ගලයින් හයදෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරනු ලැබුවේ එම පවුලේ සාමාජිකයෙකු, කොරෝනා ආසාදිතයෙකු වාර්තාවූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ පස්වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබීම හේතුවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top