තරුණයෙකු මියයෑමත් සමඟ අරණායක ගමන් බිමන්වලට සීමා
Monday, 06 April 2020 - 14:15 | Views - 2,213

කොරෝනා අධි අවධානම් කලාපය හැර ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ රැසක දැඩි තදබදයක් පවතින බව වාර්තාවනවා.
ඇතැම් ප්‍රදේශවල ජනතාව, රජය විසින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන නමුත් ඇතැම් ස්ථානවල එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම දිවයින පුරා ඖෂධ අලෙවිසැල් අසළ අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා.
එක් පවුලකින් එක් අයෙකුට පමණක් භාණ්ඩ මිලදී ගැනීම ඇතුලු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නිවසින් බැහැරවීමට ග්‍රාම නිලධාරීන් හරහා අවසර පත්‍රයක් ලබාදී ඇති බව සූරියවැව හිරු වාර්තාකරු නුවන් ජයසේකර සඳහන් කළා.
එමෙන්ම හැටන් නගරයේ වෙළඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු රංජිත් රාජපක්ෂ කියා සිටියේ.
ඊයේ කොරෝනා ආසාදිතයෙකු හමුවීමෙන් පසුව මාතර - අකුරැස්ස ප්‍රදේශයේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරයට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරු අජිත් ලංකාතිලක කියා සිටියේ.
කෑගල්ල දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය අද උදෑසන හයට ඉවත් කෙරුණද අරණායක සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ ගමන් බිමන්වලට සීමා පනවා තිබෙනවා. ඒ අරණායක - කළුගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සැකකටයුතු ආකාරයට මිය යෑමත් සමගයි.
මෙම සිද්ධියත් සමඟ අරණායක සෞඛ්‍ය බල ප්‍රදේශයේ ගමන් බිමන් සීමා කර ඇති බව පොලීසිය සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් ප්‍රදේශවාසීන් දැනුවත් කළේ මෙලෙසයි.
කෙසේ වෙතත් අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් කියා සිටියේ මියගිය තරුණයාගේ සිරුරු කොටස් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි.
Share This Article