කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනයට හැර සෙසු දිස්ත්‍රික්කවලට යළිත් ඇඳිරි නීතිය
Monday, 06 April 2020 - 14:14 | Views - 1,274
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට ලිහිල් කර තිබූ ඇඳිරි නීතිය පස්වරු දෙකේ සිට යළි ක්‍රියාත්මකයි.
මෙම දිස්ත්‍රික්කවලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳව පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළේ.
එසේම අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Share This Article