ඇඳිරි නීතිය ඉවත් කළ ඇතැම් ප්‍රදේශවල තදබදයක්
Monday, 06 April 2020 - 8:59 | Views - 912
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ රැසක මේ වනවිට දැඩි තදබදයක් පවතින බව වාර්තාවනවා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව, රජය විසින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන අතර, නමුත් ඇතැම් ප්‍රදේශවල එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එක් පවුලකින් එක් අයෙකුට පමණක් භාණ්ඩ මිලදී ගැනීම ඇතුලු අත්‍යාවශ්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නිවසින් බැහැරවීමට ග්‍රාම නිලධාරීන් හරහා අවසර පත්‍රයක් ලබාදීම හේතුවෙන් සූරියවැව ප්‍රදේශයේ අධික තදබදය අවම වී ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු නුවන් ජයසේකර සඳහන් කළා.

නුවරඑළිය, හැටන් ඇතුලු නගර රැසක මේ වනවිට දැඩි තදබදයක් පවතින බව වාර්තාවනවා.

වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලද අද පෙරවරු හයට ඇඳිරි නීතිය ඉවත් කළ අතර, එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර ආශ්‍රිතව දැඩි තදබදයක් පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු මාධව කුලසූරිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top