update: ඉතාලි සුපිරි මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා මුදාගන්න නාවික හමුදා කණ්ඩායමක් පිටත් වෙයි
Monday, 06 April 2020 - 8:50 | Views - 3,471
update: 8.53am කොළඹ වරාය අසලට ලඟා වී ඇති ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මුදාගැනීමට නාවික හමුදා කණ්ඩායමක් මේ වන විට පිටත්ව තිබෙනවා.
---------------------------------
ඉතාලි සුපිරි මඟී නෞකාවේ සිරවූ ශ්‍රී ලාංකිකයා ගැන රජය ගත් තීරණය මෙන්න

ලොව අති සුඛෝපභෝගී දැවැන්ත මගී නෞකාවක් වන ඉතාලියේ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ සිටින ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් මුදාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.
 
ඔහු ඊයේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම මගී නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද කොළඹ වරායට සේන්දුවීමට නියමිත බැවින් එම අවස්ථාවේදී තමන්ට ශ්‍රී ලංකාව තුළට ඇතුලුවීමට අවසර දෙන ලෙසටයි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනුයි මෙම සූපවේදියා මුදාගැනීමට රජය තීරණය කර ඇත්තේ.
 
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන මගී නෞකාවල මගීන්ට මෙරටට ගොඩබැසීමට අවසර හිමි නොවන අතර, මෙම නෞකාව සේවා ලබාගැනීමෙන් පසුව යුරෝපය බලා ගමන් ආරම්භ කරනු ඇති.
 
ජනවාරි මස 4 වනදා ඉතාලියේ රෝමයේ සිට ගමන් ආරම්භ කළ එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ චාරිකා කාලය දින 116ක්.
 
එම චාරිකාව අප්‍රේල් 29 වනදා අවසන් කිරීමට නියමිතයි.
 
මගීන් 2,500ත් 3,000ත් අතර සංඛ්‍යාවකට සේවා සපයන මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 1,038ක්.


Image may contain: ocean, sky, outdoor and water
Image may contain: ocean, sky, outdoor and water
Image may contain: sky, cloud, ocean, outdoor and water
Image may contain: ocean, sky, outdoor and water
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top