ඇත්තටම කොරෝනා ආවේ ධූම කේතුවකින්ද? - චන්ද්‍රා වික්‍රමසිංහ-ගේ ප්‍රකාශයට NASA එකෙන් දුන්න උත්තරේ මෙන්න
නව කොරෝනා හෙවත් Covid-19 වෛරසය ඊසාන දිග චීනයට ඉකුත් ඔක්තෝබර් මාසයේදී කඩා වැටෙමින් පුපුරා ගිය ධූම කේතුවකින් පෘථිවියට ඇතුළු වූවක් බව ශ්‍රී ලංකාවේ උපත ලැබූ කීර්තිමත් තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණා.
2019 වසරේ ඔක්තෝබර් 11දා රාත්‍රී 12.16ට පමණ ඊසාන දිග චීනයට ඉහළ අහසේදී පුපුරා ගිය ධූම කේතුවකින් මෙම පිටසක්වළ වෛරසය පෘථිවි ගෝලය තුළට ප්‍රවේශ වන්නට ඇති බවට මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් මුලින්ම හෙළිදරව් කොට තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී.
මෙම ධූම කේතුවේ පුපුරායෑම නිසා ඇති වූ ආලෝකයෙන් ඒ රාත්‍රියේ එම ප්‍රදේශය දහවල් මෙන් ආලෝකවත් වූ බව විදෙස් මාධ්‍ය මඟින්ද වාර්තා කර තිබුණා.
මීට අදාළ වාර්තා හා වීඩියෝපට අන්තර්ජාලයේ දැක බලාගත හැකියි.
මෙම ධූම කේතුව පුපුරා යාමේදී විසිරුණු තුනී කාබන් දුහුවිලි සමඟ ට්‍රිලියන සිය ගණනක වෛරසය අංශු පෘථිවිය මත පතිත වන්නට ඇතැයි මහාචාර්ය වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට චන්ද්‍රා වික්‍රමසිංහගේ මෙම මතය අභියෝගයට ලක්ව ඇති අතර, නාසාහි විද්‍යාඥයෙකු පවසන්නේ, කොරෝනා වෛරසය නොනැසී උල්කාපාතයක් මත තිබීම කිසිසේත්ම සිදුවිය නොහැකි සිදුවීමක් බවයි.
"මෙය ඇත්ත නම් අපිට විශිෂ්ඨ සොයා ගැනීමක් ලෙස පිළිගන්න පුළුවන්. නමුත් තමන්ගේ සිතේ ඇතිවන සිතැඟි සමාජ ගත කිරීම අවදානම්" යැයි එම විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කරනවා.
චන්ද්‍රා වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශය පිළිනොගන්නා බෝවන රෝග සම්බන්ධ විශේෂඥයින් ද සඳහන් කරන්නේ, කොරෝනා වෙනත් දන්නා හඳුනන වසංගත-වලට බෙහෙවින් සමාන වෛරසයක් බවයි.
මෙය මිනිසුන්ගෙන් හෝ සතුන්ගෙන් මිස උල්කාපාත-වලින් සිදුවූවක් විය නොහැකි බව ඔවුන් පවසනවා.
බොහෝ විශේෂඥ මතදාරින් චන්ද්‍රා වික්‍රමසිංහගේ මෙම මතය ප්‍රතික්ෂේප කර ඇති බවයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
"සාර්ස් හෝ කොවිඩ් 19 උල්කාපාතයකින් නොපැමිණි බවට ඇති වඩාත් ම ප්‍රබල සාක්ෂිය තමයි ඒවා වෙනත් දන්නා කිරීටක වෛරස් සමඟ සමීප වීම.." යැයි ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥයෙකු වන ඩොමිනික් ස්පාර්ක්ස් පවසනවා.
සාර්ස් වෛරසය හා කොවිඩ් 19 සමාන සම්බන්ධතා පවත්වන බවත්, එම වෛරස ධූම කේතුවකින් ආ බව පිළිගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
Dailymail ඇසුරිනි.

