කොරෝනා අනතුර අමතක වී, සකුරා මලට වශී වූ ජපානයේ ජනතාව මේ දවස්වල කරන දේ
Monday, 06 April 2020 - 8:14 | Views - 932

වසන්ත කාලය ආරම්භවීමත් සමගම මේ වනවිට ජපානයේ සකුරා මල් පිපෙන කාලය ආරම්භ වී තිබෙනවා.
මේ වනවිට ලොව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා අවදානමද නොකතා ජපාන ජනතාව එරට උද්භිත උද්‍යාන වෙත පැමිණ මෙම සකුරා මලේ ලස්සන දසුන රසවිදින බවයි එහි සිටින ශ්‍රී ලාංකීකයෙකු හිරු ගොසිප් වෙත කියා සිටියේ.
සෑම වසරකම මාර්තු 20 වනදායින් පසුවයි සකුරා මල් ප්‍රථම වතාවට පිපෙන්නේ.
එහි උච්චතම අවස්ථාව ලෙස අප්‍රේල් මුල් සතිය හදුන්වා දිය හැකි වනවා.
මෙම මල් පිපි සතියකින් අනතුරුව පරවී යන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ජපානය සංකේතවත් කරන තවත් එක් සිදුවීමක් ලෙස සකුරා මල් හදුන්වා දිය හැකි වනවා.
ජපානය හා එම මල අතර ඇත්තේ, ඉපැරණි සම්බන්ධයක් බවයි එරට පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
ජපන් භාෂාවෙන් මල යන තනි වචනයෙන් අදහස් කරනු ලබන්නේ සකුරා මලයි.
සකුරා මල පෙති පහකින් සමන්විත වන අතර ඒවා පිපෙනු ලබන්නේ පොකුරු ලෙසින්.
එම මල් සුදු, රෝස සහ රතු යන වර්ණවලින් යුක්ත වන අතර වෙනත් වර්ණැති සකුරා මල් ද දැකගත හැකි වනවා.
මෙම මලෙන් චාම් හා පිවිතුරු බව හගවන බවටයි ජපන් ජාතිකයින්ගේ විශ්වාසය වන්නේ.
Osaka ප්‍රදේශයේ Nagai උද්‍යානයට පැමිණ ජපාන වැසියන් පවුල් පිටින් සකුරා මලේ ලස්සන රස විඳින අයුරු එහි සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ කැමරා කාචයේ මෙසේ සටහන් වී තිබුනා.
Share This Article