කොරෝනා අනතුර අමතක වී, සකුරා මලට වශී වූ ජපානයේ ජනතාව මේ දවස්වල කරන දේ
Monday, 06 April 2020 - 8:14 | Views - 933
වසන්ත කාලය ආරම්භවීමත් සමගම මේ වනවිට ජපානයේ සකුරා මල් පිපෙන කාලය ආරම්භ වී තිබෙනවා.
 
මේ වනවිට ලොව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා අවදානමද නොකතා ජපාන ජනතාව එරට උද්භිත උද්‍යාන වෙත පැමිණ මෙම සකුරා මලේ ලස්සන දසුන රසවිදින බවයි එහි සිටින ශ්‍රී ලාංකීකයෙකු හිරු ගොසිප් වෙත කියා සිටියේ.

සෑම වසරකම මාර්තු 20 වනදායින් පසුවයි සකුරා මල් ප්‍රථම වතාවට පිපෙන්නේ.
 
එහි උච්චතම අවස්ථාව ලෙස අප්‍රේල් මුල් සතිය හදුන්වා දිය හැකි වනවා.
 
මෙම මල් පිපි සතියකින් අනතුරුව පරවී යන බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත්, ජපානය සංකේතවත් කරන තවත් එක් සිදුවීමක් ලෙස සකුරා මල් හදුන්වා දිය හැකි වනවා.
 
ජපානය හා එම මල අතර ඇත්තේ, ඉපැරණි සම්බන්ධයක් බවයි එරට පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
 
ජපන් භාෂාවෙන් මල යන තනි වචනයෙන් අදහස් කරනු ලබන්නේ සකුරා මලයි.
 
සකුරා මල පෙති පහකින් සමන්විත වන අතර ඒවා පිපෙනු ලබන්නේ පොකුරු ලෙසින්.
 
එම මල් සුදු, රෝස සහ රතු යන වර්ණවලින් යුක්ත වන අතර වෙනත් වර්ණැති සකුරා මල් ද දැකගත හැකි වනවා.
 
මෙම මලෙන් චාම් හා පිවිතුරු බව හගවන බවටයි ජපන් ජාතිකයින්ගේ විශ්වාසය වන්නේ.
 
Osaka ප්‍රදේශයේ Nagai උද්‍යානයට පැමිණ ජපාන වැසියන් පවුල් පිටින් සකුරා මලේ ලස්සන රස විඳින අයුරු එහි සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ කැමරා කාචයේ මෙසේ සටහන් වී තිබුනා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top