වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන්ගේ දීමනා අද ගෙවයි - විශ්‍රාමිකයන්ටත් අවස්ථාවක්
Monday, 06 April 2020 - 7:59 | Views - 732
කොරෝනා අවදානම හේතුවෙන් වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනාව අද දිනය තුළ ගෙවා නිම කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට මෙම දීමනාව ලබන ආබාධිත සහ වකුගඩු රෝගීන් සහ පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයින් සියළු දෙනාට රුපියල් 5000ක් වූ එම දීමනාව නිවසටම ගොස් ගෙවීමටයි සැලසුම් කර ඇත්තේ.

දැනට අප්‍රේල් මාසය සඳහා රුපියල් 2000ක වැඩිහිටි දීමනාව ගෙවා ඇති සියළුම වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා තවත් රුපියල් 3000ක අමතර මුදලක් අද දිනයේ ගෙවීමට නියමිතයි.

සමෘද්ධි දීමනා ඇතුළු අනෙකුත් දීමනා ද ගෙවීමේ වැඩපිළිවෙල හෙට සිට ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම ගොවි විශ්‍රාම වැටුප් අද සිට තැපැල් කාර්යාල හරහා ගෙවීම් සිදුකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළා.

මේ අතර මෙතෙක් විශ්‍රාම වැටුප් ලබාගත් විශ්‍රාමිකයන්ට අද දිනයේද ඒ සඳහා අවස්ථාව පවතිනවා.

තැපැල් කාර්යාල සහ ඒ ඒ බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගත හැකි අතර, තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාමසේවක වසම් තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප් ගෙනවිත් භාර දෙනු ලබනවා.

බැංකු වෙතින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන්ට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙන අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු වනවා.

එමෙන්ම අද දිනයේද දිවයින පුරා ඖෂධසැල් විවෘත කර තබන ලෙසටයි රජය මීට පෙර දැනුම්දී තිබුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top