හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් - දිස්ත්‍රික්ක 6ක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව
Sunday, 05 April 2020 - 12:52 | Views - 1,497
හෙට (06) සිට සිකුරාදා (10) දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය සතිය ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසටයි නම්කර තිබුනේ.

මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් බලාත්මකව පවතිනවා.

සෙසු සියලු දිස්ත්‍රික්වල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6 ට ලිහිල් කෙරෙන අතර එදිනම දහවල් 2ට යළි පනවනු ලබනවා.

මෙම දිස්ත්‍රික්වලට පැනවෙන ඇඳීරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇති.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top