හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් - දිස්ත්‍රික්ක 6ක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව
හෙට (06) සිට සිකුරාදා (10) දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පසුගිය සතිය ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසටයි නම්කර තිබුනේ.
මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් බලාත්මකව පවතිනවා.
සෙසු සියලු දිස්ත්‍රික්වල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6 ට ලිහිල් කෙරෙන අතර එදිනම දහවල් 2ට යළි පනවනු ලබනවා.
මෙම දිස්ත්‍රික්වලට පැනවෙන ඇඳීරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇති.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.