කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ගැන ට්‍රම්ප්, මෝදි දුරකථන සංවාදයක්
Sunday, 05 April 2020 - 10:03 | Views - 1,005
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඊයේ දුරකථන සංවාදයක නිරතවී තිබෙනවා.

එහිදී ඔහු ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා හයිඩ්‍රොක්සි - ක්ලොරොක්වීන් නැමති මැලේරියා ඖෂධය සුළබ කරන ලෙසයි.

ඉන්දියාවේ විශාල වශයෙන් නිෂ්පාදනය කරන එම ඖෂධය, කොරෝනා වෛරසය මැඩලීමට දෙවියන් දුන් තිළිණයක් ලෙසද ජනපති ට්‍රම්ප් හඳුන්වා තිබෙනවා.

කෙසේ නමුත් එම ඖෂධය අපනයනය කිරීම මේ වනවිට ඉන්දියාව විසින් අත්හිටුවා තිබෙනවා.

ජනපති ට්‍රම්ප් සමඟ පැවැත්වූ දුරකථණ සංවාදයේදී කොවිඞ් 19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ඉන්දු - ඇමරිකානු සහයෝගීතාව පූර්ණ ශක්තියෙන් යෙදවීමට එකඟවූ බවයි අගමැති මෝදි ට්විටර් සටහනකින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ අන්ධකාරය හා සටන් වැදීම සලකුණු කරමින් අද රාත්‍රී 9 ට විනාඩි 9 ක කාලයක් විදුලි පහන් නිවා දමන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළා.

එම කාලය තුළ සිය නිවෙස්වල දොරකොඩ සහ ආලින්දයන්හි පහන් දල්වන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

එසේ නොමැතිනම් ජංගම දුරකථනවල බල්බ ඒ සඳහා යොදා ගත හැකි බව ද, ඉන්දීය අගමැතිවරයා කියා සිටියා. කෝටි 130ක් වන ඉන්දියානුවන් මේ වනවිට දින 21ක නිරෝධායනයේ 11 වන දිනය පසුකරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top