ප්‍රසූත වේදනාවෙන් ඇතුළු කළේ - සැකයක් මත ටෙස්ට් එකක් කළා
Sunday, 05 April 2020 - 9:08 | Views - 1,101
බේරුවල ප්‍රදේශෙයෙන් පෙරේදා (03) වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත කාන්තාව පෙරේදා දිනයේ දරුවෙකු ද ප්‍රසූතකර තිබෙනවා.
 
අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සඳහා කළුතර - නාගොඩ මහ රෝහලට ඇතුළත්ව ඇත්තේ කිසිඳු රෝග ලක්ෂණයක් රහිතවයි.

අදාළ කාන්තාව විසින් ප්‍රසූතකළ දරුවා නිරෝගී සුවයෙන් පසුවන අතර ඔවුන් දෙදෙනාම මාරුකර යවා ඇත්තේ මාළඹේ - නෙවිල් ප්‍රනාන්දු රෝහලටයි.
 
දරුවාගේ ජෛව සාම්පලයක්ද කොවිඩ් 19 පරීක්ෂණය සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබෙනවා.
 
අදාළ කාන්තාව පදිංචිව සිටි බේරුවල - අඹේපිටිය ප්‍රදේශය සෞඛ්‍ය නිලධාරීන් විසින් ජීවානුහරණය කිරීමට පියවර ගත්තා.
 
මේ අතර දරුවා ප්‍රසූතකළ කළුතර - නාගොඩ රෝහලේ ඊට එක් වූ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක්ද ස්වයං නිරෝධායනයට කැමැත්ත පළකර ඇති අතර සිව් දෙනෙක් සිය නිවෙස්වලම නිරෝධායනයට යොමුකර තිබෙනවා.
 
අනෙක් දෙදෙනා වෙනත් ස්ථානයක නිරෝධායනට යොමු කෙරුණා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වී ඇත්තේ බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් කරමින් බව වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top