අද පස්වරුවේ දිස්ත්‍රික්ක කීපයකට වැසි
Sunday, 05 April 2020 - 8:22 | Views - 803
සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වියහැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම දහවල් 12ට අම්බලන්ගොඩ, තල්ගස්වල , පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.
Share This Article