වූහාන් නුවරින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් හමුවී නෑ
Tuesday, 31 March 2020 - 11:53 | Views - 567
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ඊයේ දිනයේදී කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව එරට මාධ්‍ය වාර්තා කළා.
කෙසේ නමුත්, විදේශයන් හි සිට වෛරසය රැගෙන ආ පුද්ගලයන් චීනයේ අනෙකුත් ප්‍රදේශවලින් තවදුරටත් හමුවන අතර, ඊයේ දිනයේදී නව ආසාදිතයන් 48 දෙනෙකු හමුවූ බව සඳහන්.
ඒ අනුව චීනයට පිටතින් පැමිණි කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 771 දක්වා ඉහළ යනවා.
මෙලෙස විදේශයන් හි සිට දෙවැනි රැල්ලක් ලෙස කොරෝනා වෛරසය තම රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා චීනය ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා කළ අතර, විදේශිකයන්ට රට තුළට පැමිණීම ද අත්හිටුවනු ලැබුවා.
Share This Article