කොවිඩ් -19 ආසාදිතයන් විනාඩි 15කින් හඳුනා ගැනීමට ඕස්ට්‍රේලියාවෙන් පරීක්ෂණ කට්ටලයක්
Tuesday, 31 March 2020 - 9:59 | Views - 1,300

කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
එය ඉදිරි සතියේ පරීක්ෂා කිරීම් සඳහා යොදා ගැනීමට නියමිත අතර, එමගින් එරට කොරෝනා වෛරස් පරීක්ෂාවන් කාර්යක්ෂම වනු ඇති.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඬලීමට නම් පරීක්ෂාවන් පුළුල් කළ යුතු බවයි.
නව පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේ එරට ජාතික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය සංජය සේනානායක විසින්.
බෝවන රෝග පිළිබඳ විශේෂඥවරයෙකු වන ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඔහු කියා සිටියේ නව කොරෝනා පරීක්ෂණ ක්‍රමවේදය ගර්භනී පරීක්ෂාවට බෙහෙවින් සමාන වන බවයි.
රුධිරය බින්දුවක් යොදා ගනිමින් විනාඩි 15ක් ඇතුළත අදාළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපද වී ඇත්දැයි පරීක්ෂා කළ හැකි වන අතර, නාස් කුහරයේ බිඳිත්තකින් පරීක්ෂා කිරීමේදී ඒ සඳහා ගත වන කාලය විනාඩි 45ක්.
දැනට පවතින නවීනතම කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල මගින් ප්‍රතිඵල ලබා ගැනීමට පැය 5ත්, 6ත් අතර කාලයක් ගත වන බව සඳහන්.
වෛද්‍ය මහාචාර්ය සංජය සේනානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව පරීක්ෂණ කට්ටල මගින් කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් සංඛ්‍යාව ද අනාවරණ කර ගත හැකි වනු ඇති බවයි.
Share This Article