අන්තර්ජාල පහසුකම් නොමැති අයට, PHI හරහා ඖෂධ
Tuesday, 31 March 2020 - 8:07 | Views - 596
රජයේ රෝහල් සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට ඔවුන්ගේ ලිපිනයන්වලට අදාළ රෝහල්වලින් ඖෂධ තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
එමෙන්ම, අනෙක් රෝගීන්ට දිවයිනේ අවසරලත් ඔසුසල් වලින් ඖෂධ ලබා ගත හැකි අතර අන්තර්ජාල පහසුකම් නොමැති රෝගීන්ට අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ඖෂධ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
Share This Article