ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් ප්‍රතිකාර ලබන්නන්ට විශේෂ දැනුම් දීමක්
Monday, 30 March 2020 - 18:28 | Views - 1,082
රටේ පවතින තත්ත්වය හමුවේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් අද සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යම 12 කාලය වන තුරු ඖෂධ නිකුත් කිරීම හා සේවා සපයා දීම සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article