කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනයට හැර සෙසු දිස්ත්‍රික්කවලට යළිත් ඇඳිරි නීතිය
Monday, 30 March 2020 - 14:45 | Views - 3,232
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට ලිහිල් කරනු ලැබූ ඇඳිරි නීතිය පස්වරු දෙකේ සිට යළි ක්‍රියාත්මකයි.
මේ අතර, අද පෙරවරු 6 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 6ක කාලසීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 35ක් ද එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
මේ අනුව ඇඳිරි නීතිය උල්ලංගණය කිරීමට අදාළව මේ දක්වා පුද්ගලයින් 6925ක් සහ වාහන 1678ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article