කොරෝනා ආසාදිතයෙකු හමුවීමෙන් පසු බේරුවල - පන්නිල ග්‍රාමය වසයි
Monday, 30 March 2020 - 9:14 | Views - 2,850
කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ පෙරේදා පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා ආසාදිත බවට සැක මත කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.
මොහු සංචාරක ක්ෂේත්රයේ රියදුරෙකු ලෙස කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.
Share This Article