රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්
Monday, 30 March 2020 - 8:04 | Views - 609
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බන්ධනාගාරගතව සිටින රැදවියන්ට ආරක්ෂාව සැපයීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි එම කොමිසමේ මාධ්‍ය සම්බන්ධීකාරක සජීදා පසාල් සඳහන් කළේ.

කෙසේ වෙතත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් සඳහන් කළේ වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත් බවයි.

ඒ අනුව නඩු කටයුතු සඳහා රැඳවියන් අධිකරණ වෙත රැගෙන යාම නතර කර ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම කටයුතු සිදුකිරීමට, රැඳවියන් බැලීමට බාහිර පුද්ගලයන් පැමිණීම නතර කිරීම ඇතුළු පියවර රැසකට එළඹි බවයි ඔහු කියා සිටියේ.

මෙරට බන්ධනාගාර 30ක් තුළ මේ වන විට රැදවියන් 26,000ක් සිටින අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත අභ්‍යන්තර රැදවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ලිහිල් ඇප ලබාදිය හැකි රැදවියන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව මේ වන විට අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් සිටින බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ඒ අනුව රැදවියන් 5000ත්, 6000ත් අතර සංඛ්‍යාවකට ලිහිල් ඇප සහ සහන ඇප ලබාදීමට හැකි වනු ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top