කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ තවත් පුද්ගලයෙකු කොළඹ IDH රෝහලෙන් පිටව යයි
Sunday, 29 March 2020 - 13:39 | Views - 593
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ තවත් පුද්ගලයෙකු කොළඹ IDH රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පුද්ගලයින් 117 දෙනෙකු මේ වනවිට සෞඛ්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවන බවයි.
තහවුරු කළ කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 29ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article