රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දුරකථන මාර්ගයෙන්
Sunday, 29 March 2020 - 13:17 | Views - 692

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා සියලුම දරුවන්ගේ දීර්ඝකාලීනව ලබාගත යුතු ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් එම රෝහලේ පරිපාලනය විසින් සකසා තිබෙනවා.
ඒ අනුව දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයාට සම්බන්ධ විය හැකි දුරකථන අංක හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ.
දරුවාට අවශ්‍ය පරීක්ෂණ සඳහා හෝ ඖෂධ අවසන්වීමට ප්‍රථමයෙන් සතියේ දිනවල පෙරවරු අටේ සිට පස්වරු දෙක දක්වා ඊට අදාළ තොරතුරු ලබාගත හැකියි.
ඒ අනුව දරුවන්ට ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් වන තොරතුරු 011 2 69 37 11 හෝ 011 2 69 37 12 ඇමතීමෙන් ලබාගත හැකි වනවා.
මේ අතර උගුර, කණ, නාසය ආශ්රිත රෝගවලට අදාළව හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දැමීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙවැනි පියවර ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් උගුර, කණ, නාසය ආශ්රිත රෝග සම්බන්ධ ගැටළුවක් ඇත්නම් රෝහල්වල උගුර, කණ, නාසය අංශය හෝ වෛද්‍ය කාර්ය මණ්ඩලය දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් උපදෙස් ලබාගන්නා ලෙසද එම සංගමය ඉල්ලීමක් කළා.
Share This Article