රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් තොරතුරු දුරකථන මාර්ගයෙන්
Sunday, 29 March 2020 - 13:17 | Views - 693
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා සියලුම දරුවන්ගේ දීර්ඝකාලීනව ලබාගත යුතු ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් එම රෝහලේ පරිපාලනය විසින් සකසා තිබෙනවා.

ඒ අනුව දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයාට සම්බන්ධ විය හැකි දුරකථන අංක හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ.

දරුවාට අවශ්‍ය පරීක්ෂණ සඳහා හෝ ඖෂධ අවසන්වීමට ප්‍රථමයෙන් සතියේ දිනවල පෙරවරු අටේ සිට පස්වරු දෙක දක්වා ඊට අදාළ තොරතුරු ලබාගත හැකියි.

ඒ අනුව දරුවන්ට ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් වන තොරතුරු 011 2 69 37 11 හෝ 011 2 69 37 12 ඇමතීමෙන් ලබාගත හැකි වනවා.

මේ අතර උගුර, කණ, නාසය ආශ්‍රිත රෝගවලට අදාළව හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දැමීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙවැනි පියවර ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් උගුර, කණ, නාසය ආශ්‍රිත රෝග සම්බන්ධ ගැටළුවක් ඇත්නම් රෝහල්වල උගුර, කණ, නාසය අංශය හෝ වෛද්‍ය කාර්ය මණ්ඩලය දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් උපදෙස් ලබාගන්නා ලෙසද එම සංගමය ඉල්ලීමක් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top