ඇයි ඔබ ඒකට China virus කියලා කියන්නේ - චීනයට දොස් කියන ට්‍රම්ප්ට, කටඋත්තර නැතිවෙන්න, මාධ්‍යවේදිනියක් මූණටම අහපු ප්‍රශ්නය
Sunday, 29 March 2020 - 10:53 | Views - 3,815
ලෝකයේ බලවත් කියන, සුපිරියි කියන රටවල් අඩපණ කරන්නට COVID 19ට පුළුවන්කම ලැබුණා. ඔබේ "පැටිකිරිය" අහන්නෙත් නැතුවම ඔබව "එලොව" යවන මේ මහා භයානක වෛරසය ලෝකයම බිය ගන්වමින් සිටන මොහොතක් මේ...
 
එවන් මොහොතක මේ "වෛරසයේ ව්‍යාප්තිය කෙසේ සිදුවූවාද" යන්න බොහෝ දෙනෙක් සොයමින් සිටිනවා.

චීනය කෙළින්ම චෝදනා කළේ "ඇමරිකානුවන් මේ වෛරසයේ නිර්මාතෘවරුන්" වන බවයි. අනෙක් අතට මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන ඇමරිකාව චීනය කරන මේ අභූත චෝදනාවලට එරෙහිව නඩු මඟට බහිනවා කියලත් කියනවා.
 
දැන් දැන්.. චීනය මේ වෛරසය මනාවට පාලනය කරන්න අරන් තියනවා වුණත්, චීනයට එහා ගිය ඇමරිකාවේ ප්‍රාන්ත 50ක්ම කොරෝනා අත්පත් කරගන්නවා. මේ වෙනකොට ලොව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එය 122, 666ක්.
 
මෙවන් තත්ත්වයක් තුළ පසුගිය දිනෙක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී "චීන වෛරසය" ("China virus,") යන යෙදුම භාවිතා කිරීම මාධ්‍යවේදීනියකගේ ප්‍රශ්න කිරීමට ලක් වනවා. මෙම වීඩියෝව ඉපැරණි එකක් වුවත් එය නැවත ඉහළට මතුවන්නේ මොවුන් අතර ගැටුම වඩාත් ත්‍රීව කරමිනුයි.
 
මාධ්‍යවේදීනිය එහිදී විමසන්නේ, එය "චීන වෛරසයක්" කීමට හේතුව කුමක්ද යන්නයි.
 
කොහොම වුණත් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදීත් ට්‍රම්ප් නැවතත් කියලා තිබුණේ, "ඔවුන් මා සමඟ එකඟ වේවී ! මොකද මේක ආවේ චීනෙන්.." ලෙසයි.
 
කෙසේ වෙතත්, "චීන වෛරය" හෝ "වුහාන් වෛරසය" යන යෙදුම භාවිතා නොකරන ලෙස ට්‍රම්ප්ට චීනයෙන් මෙන් ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජීකයින්ගෙන්ද දැඩි බලපෑමක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඔවුන් විශ්වාස කරන්නේ මෙම යෙදුම චීනයට අපකීර්තියක් ඇති කරන "ජාතිකවාදී යෙදුමක්" බවයි.
 
"මම සෑම විටම චීන වෛරසයට ඉතා බැරුරූම් ලෙස සැලකුවා.." ට්‍රම්ප් ට්වීට් පණිවුඩයක් මඟින් එසේ පවසා තිබුණා.
 
එමෙන්ම ධවල මන්දිර නිලධාරින් "Kung-Flu" යන වචනය චීන ජාතිකයින් හැඳින්වීමට යොදා ගැනීමද බොහෝ පිරිසකගේ දෝෂ දර්ශණයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
 
මේ සම්බන්ධයෙන් වන ට්විට් පණිවුඩ කිහිපයකින් දක්වා තිබුණේ "ඇමරිකානුවන් "Kung-Flu" ලෙසින් හැඳින්වීම ඉතා පුදුමසහගත දෙයක්" බවයි.
 
මේ වන විටත් ඇමරිකානු - චීන සීතල යුද්ධය කොරෝනා නිසා තව තවත් වැඩිවෙමින් පවතිනවා. චීනය ලොවක් ඉදිරියේ තමන් විසින් වෛරසය පාලනය කළ ආකාරය ගැන උදම් අනමින්, ඇමරිකාව "මෙය ආදර්ශයට ගත යුතු" බව කීමද මීට එක් හේතුවක් වුණා.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top