හෝමාගම රෝහලේ කොරෝනා රෝගීන්ට කෑම බෙදන රොබෝ
Sunday, 29 March 2020 - 10:04 | Views - 941
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක රෝගීන්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා 28 ද සිට සිදුකිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ තිබෙනවා.

මෙම රොබෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන අතර ඒ සඳහා ඇට්ලස් ආයතනය අනුග්‍රහය දක්වා ඇති බවයි සදහන් වන්නේ.

පැය 24ක් තුල සවි කර ඇති මෙම රොබෝ යන්ත්‍රය හරහා සිය දෙනෙකු යොදවා ලබා ගන්නා සේවාවන් ඉටු කරවා ගත හැකි බවයි සදහන් වන්නේ.

ඒ අතර රෝගීන්ට ආහාර පාන හා ඖෂධ ලබා දීම ,රෝගියාගේ පණිවුඩ වෛද්‍යවරයාට ලබා දීම වෛද්‍ය වරයාගේ පණිවුඩ රෝගියාට ලබා දීම වාට්ටුව වාට්ටුවෙන් වාට්ටුවට හා රෝගියාගෙන් රෝගියා ළඟට ගමන් කිරීම ඇතුළු සේවාවන් රැසක් ඉටු කරවා ගත හැකි වැඩිදුරටත් සදහන්.

තවද මෙම කාර්යය පරිගණක පද්ධතියක් හරහා සිදුවන අතර ඊට අදාළ දත්ත යොමු කිරීමත් සමඟ සේවා ලබා ගැනීමට හැකියි.

එසේම මෙම රොබෝ යන්ත්‍රය භාවිතා කිරීමෙන් COVID 19 වෛරසය පැතිරීමට ඇති අවස්ථා මඟ හැරෙනා අතර ප්‍රතිකාර සඳහා යොමුවන කාර්ය මණ්ඩලයට වැය වන අමතර පිය වැය ඉතිරි කර ගැනීමටත් හැකිවන බවද පැවසේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙවන් රොබෝ යන්ත්‍ර 50 හැකි ඉක්මනින් රජයට ලබා ගෙන COVID 19 වෛරසයට ප්‍රතිකාර කෙරෙන , රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top