විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් 17,000 කට වැඩි පිරිසක් “කන්ටැක්ට් ශ්‍රී ලංකා” වෙබ් අඩවියේ ලියාපදිංචි වෙයි
Sunday, 29 March 2020 - 9:17 | Views - 2,166
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමඟ ලක් රජය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් 17,000 කට වැඩි පිරිසක් මේ වනවිට ඒ සඳහා දියත් කෙරුණු වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබෙනවා.
විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ කන්ටැක්ට් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ එලෙස පුද්ගලයන් 17,457 දෙනෙකු ඊයේ දහවල් වනවිට ලියාපදිංචි වී සිටි බවයි.
ඉන් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්.
යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් 1,892 කු, දකුණු ආසියානු කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් 1,302 කු සහ උතුරු ඇමරිකාවේ 1,028 දෙනෙකු ද මෙලෙස කන්ටැක්ට් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබෙනවා.
මේ අතර විදේශයන් හි සිට දිවයිනට පැමිණ වැලිකන්ද - ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ 28 දෙනෙකු නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසු, අද නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබුවා.
ඒ අතර ඉතාලියේ සිට පැමිණි 24 දෙනෙකු සහ කොරියාවේ සිට පැමිණි හතරදෙනෙකු වන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
Share This Article