ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856ක් අත්අඩංගුවට
Sunday, 29 March 2020 - 7:38 | Views - 542
ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.
මේ අතර වාහන 184ක් අත්අඩංගුවට පත් වු බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මෙම මස 20 වන දින ඇඳිරි නීතිය පැන වු මොහොතේ සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු පුද්ගලයින් ගණන 6041ක් සහ වාහන 1477ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනව බවයි පොලිසිය පැවසුවේ.
Share This Article