අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ජනතාවට දුරකථන අංක කිහිපයක්
Saturday, 28 March 2020 - 17:22 | Views - 979
ජනතාවට තොරතුරු දැනුම්දීම සහ දැන ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.
0114 354854 සහ 0114 733600 යන දුරකථන අංක මෙන්ම, 0113 456200 සිට 204 දක්වා දුරකථන අංක ඊට ඇතුළත්.
එමෙන්ම, මෙරට උද්ගතව ඇති හදිසි තත්ත්වය මත ජනතාව මුහුණ දෙන ගැටලූ සහ ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳව දැනුම්දීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා.
0760 390 981, 0760 390 437, 0712 500 031, 0766 528 068, එම දුරකථන අංක වනවා.
Share This Article