covid - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක්
Saturday, 28 March 2020 - 17:14 | Views - 774
covid - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

එහිදී දළදා මාළිගාවෙන් රුපියල් කෝටියක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනමා ඇත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශීර්වාද ලබාගත්තා.

එහිදීයි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරුනේ.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදුටුවා.

එහිදී කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් මහ නාහිමියන්ට පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මහනායක හිමියන් ඊට ආශීර්වාද කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග ඛර තිබෙනවා.

පසුව ජනාධිපතිවරයා මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැදුටුවා.

අනතුරුව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳ පැහැදිළි කර තිබෙනවා.

කොරෝනා මර්දන අරමුදලට අස්ගිරි විහාරයෙන් ද රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයක් සිදුකරනු ලැබුවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top