covid - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක්
Saturday, 28 March 2020 - 17:14 | Views - 775

covid - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි දෙකක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.
එහිදී දළදා මාළිගාවෙන් රුපියල් කෝටියක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනමා ඇත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්.
ජනාධිපතිවරයා අද පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශීර්වාද ලබාගත්තා.
එහිදීයි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරුනේ.
අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය බැහැදුටුවා.
එහිදී කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් මහ නාහිමියන්ට පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මහනායක හිමියන් ඊට ආශීර්වාද කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග ඛර තිබෙනවා.
පසුව ජනාධිපතිවරයා මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැදුටුවා.
අනතුරුව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳ පැහැදිළි කර තිබෙනවා.
කොරෝනා මර්දන අරමුදලට අස්ගිරි විහාරයෙන් ද රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයක් සිදුකරනු ලැබුවා.
Share This Article