මාර්ග බාධක රාජකාරියට ත්‍රිවිධ හමුදාවත් යොදවයි
Saturday, 28 March 2020 - 13:26 | Views - 818
ඇඳිරි නීතිය උල්ලංගණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ක්‍රියාත්මක කරන මාර්ග බාධක වැටලීම් සඳහා අද සිට ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොලීසියේ රාජකාරී සඳහා සහය වීම පිණිස මෙම පියවර ගෙන ඇති බවයි.
මේ අතර, කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ගිය නිරෝධයන ක්‍රියාවලිය යටතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම මගින් ඖෂධ අලෙවිසැල් විවෘත කරන ලෙසට අවසර ලබාදීමත් සමඟ ජනතාව එය අවභාවිතා කිරීම නිසා දැඩි නීති ඔස්සේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ අද පෙරවරුවේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහන සමඟ එක්වෙමින්.
Share This Article