මම වෛරසයක් නෙවෙයි, මනුෂ්‍යයෙක්
Saturday, 28 March 2020 - 11:17 | Views - 1,085
"කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදනය වීම හේතුවෙන්, මේ වනවිට ඉතාලියේ පුද්ගලයින් 9,134 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එමෙන්ම අදාළ වෛරසය ආසදනය වූ සංඛ්‍යාව 86,498 ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියා සිටියේ.

මේ අතර ඉතාලිය මෙතරම් දරුණු තත්ත්වයකට මුහුණ දීමට වන හේතුවක් මේ වනවිට එරට මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබෙනවා.
 
එය පසුගිය පෙබරවාරි මස දෙවැනිදා සිදු වූ සිද්ධියක් බව ද එම වාර්තාවල දක්වා තිබෙනවා.
 
තමන් වෛරසයක් නොවන බවත්, තමා මනුෂ්‍යයෙක් බවත්, එම නිසා කිසිදු අගතියක් සිදු නොකරන්න යනුවෙන් සටහන් කළ බෝඩ් එකකුත් සමග එදින එක්තරා චීන ජාතිකයෙකු ඉතාලියේ Firenze නගරයට පැමිණ තිබුණා.
 
ඉතාලිය යනු මනුෂ්‍යයන්ට මහත් සෙනෙහසක් දක්වන ජාතියක් බැවින්, එම චීන ජාතිකයා වැළදගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තා පවසනවා.
 
ඔහු එම නගරයේ රැදි සිටියේ දෑස් සහ මුඛය ආවාරණය කරගෙනයි.
 
කෙසේ වෙතත් ඉතාලි ජාතිකයින් එය ඉවත් කර තිබුණා.
 
පෙබරවාරි දෙවනදා වනවිට ඉතාලියේ සිටි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකක්.
 
අදාළ සිදුවීමෙන් අනතුරුව පෙබරවාරි 21 වනදා රෝගීන් සිව් දෙනෙකු දක්වා එය ඉහළ ගියා.
 
පෙබරවාරි මස වන විට එරටින් වාර්තා වු සමස්ථ රෝගීන් සංඛ්‍යාව 650 ක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.
 
අදාළ චීන ජාතිකයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් මේ දක්වා ලබාගැනීමට නොහැකි වූ බව ද සදහන්.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top